කෙසෙල් පලතුරු ලොව රජෙක්
අවුරුද්දට නෑගම් යන විට අනිවාර්යයෙන්ම ගෙනි යන පලතුරක් ලෙස කෙසෙල් හඳුන්වන්න පුළුවන්. කැවුම්, කොකිස් වැනි දේශීය රසකැවිලි වාගේම බිස්කට් වැනි බටහිර පන්නයේ රසකැවිලි සමගත් රස විඳින්න පුළුවන් මෙතරම් ප‍්‍රණීත වෙනත් පලතුරක් ගැන සිතන්නටවත් බැහැ නේද?කෙසෙල් ගෙයින් ගෙයට තිළිණ වීමට තවත් හේතුවක් බලපානවා. ඒ එය නිවෙසක ලොකු, කුඩා කාගේත් සිත් පැහැර ගන්නා තරම් පැණි රසයකින්, කී‍්‍රම් රසයකින් යුක්තවීම නිසයි.මේ කුඩා පලතුරේ රසය පරයන තරම් ගුණයක් පවතින බව මේ වන විට පෝෂණවේදීන් අනාවරණය කරගෙන තිබෙනවා. අද ලොව වැඩිපුරම පරිභෝජනය කරන පලතුර වන කෙසෙල් තුළ සැඟව ඇති ගුණ කෙතරම්ද?
හදවතට ඇති ගුණයකෙසෙල් සැලකෙන්නේ අපට අත්‍යාවශ්‍ය ඛනිජ ලවණයක් වන පොටෑසියම් හොඳින් ලබා දෙන පලතුරක් ලෙසටයි. පොටෑසියම් රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වා ගෙන යාමට හා හදවත ක‍්‍රමවත්ව කි‍්‍රයාත්මක කිරීමට අත්‍යාවශ්‍යයි.දිනකට කෙසෙල් ගෙඩියක් කෑමට ගැනීමෙන් අධික රුධිර පීඩනය හා හදවත් රෝග වළක්වා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් එක් කෙසෙල් ගෙඩියක පොටෑසියම් මි. ග‍්‍රෑ. 467 ක් පමණ අඩංගුයි.කෙසෙල් කෙඳිවලින් ද පොහොසත් පලතුරක්. කෙඳි ද හදවතෙහි නීරෝගීකමට අත්‍යාවශ්‍යයි. කෙසෙල්වල ඇත්තේ ජලයෙහි දියවෙන කෙඳියි.පොටෑසියම්වලින් පොහොසත් නිසා කෙසෙල් කෑමෙන් අපේ අස්ථි ද සවිමත් වෙනවා. ලුණු අධික ආහාර ගන්නා විට අස්ථි තුනීවීමට හේතුවෙන අතර එවැනි ආහාර රටාවකට හුරු වී ඇති අයට කෙසෙල් කෑමෙන් යම් තරමකට අස්ථි තුනීවීම මැඬලන්නට පුළුවන්.
ආමාශ තුවාලවලට සහනයක්ආමාශ තුවාල අද වැඩි දෙනකු පීඩාවට පත් කරන කරුණක්. කෙසෙල් සතුව ආමාශ තුවාල ඇති කරන ආම්ලික යුෂවලට එරෙහිව කි‍්‍රයා කිරීමේ හැකියාව තිබෙනවා. කෙසෙල් හා කිරි මිශ‍්‍ර කර කෑමෙන් ආමාශ තුවාලවලින් සහනයක් ලබන්න පුළුවන්.ආමාශ ආස්තරණයේ ආම්ලික යුෂවලට ඔරොත්තු දෙන අන්දමේ ආරක්ෂාකාරී ශ්ලේෂ්මල පටලයක් සෑදීමට කෙසෙල්වල රසායන ආධාර වෙනවා. ඒ වාගේම එහි අඩංගු තවත් රසායන වර්ගයක් ආමාශ තුවාල ඇති කිරීමට හේතුවන බැක්ටීරියා අඩු කිරීමට කි‍්‍රයා කරනවා.ඩයරියා වැනි රෝග තත්ත්ව සිරුරෙහි ජලය අඩු කරන බව අප දන්නවා. කෙසෙල්වල අඩංගු පොටෑසියම්වලට සිරුරෙහි දියර මට්ටම ක‍්‍රමවත්ව තබා ගැනීමට පුළුවන්. කෙසෙල්වල ආහාර ජීර්ණ පද්ධතිය සාමාන්‍ය පරිදි කි‍්‍රයා කරවීමට අවශ්‍ය කෙඳි ද අඩංගුයි. කෙසෙල්වල අඩංගු පිටි ද නීරෝගීමත්ව ජීර්ණ පද්ධතිය පවත්වා ගැනීමට ආධාර වෙනවා. මේ නිසා ඩයරියා, පාචනය වැනි රෝග තත්ත්ව පවතින විට කෙසෙල් කෑමෙන් හොඳ ඖෂධීය ගුණයක් ලබන්න පුළුවන්.
ඇස් පෙනීම රැක ගනීවයස් ගතවීමත් සමග අපට මුහුණ දීමට සිදු වන කටුක අත්දැකීමක් ඇස් නොපෙනීම. කැරට් වැනි එළවළු වගේම කෙසෙල් වැනි පලතුරුත් දෙනෙත් නීරෝගීව තබා ගැනීමට අවශ්‍ය බව සොයා ගෙන තිබෙනවා.
අස්ථි වර්ධනයට අවශ්‍යයිදිනපතා ආහාරයෙහි කොටසක් බවට කෙසෙල් පත් කර ගන්නට හැකි නම් අස්ථි පද්ධතිය දුර්වල වේවියි කියා බියක් ඇති කර ගත යුතු නැහැ. කෙසෙල් කැල්සියම් සිරුරට උරා ගැනීමට ආධාර වෙනවා.කෙසෙල්වල අඩංගු සංයෝග බඩවැලේ හිතකර බැක්ටීරියා වැඩීමට උදව් වෙනවා. මෙම හිතකර බැක්ටීරියා මගින් නිපදවෙන විටමින් ජීර්ණ එන්සයිමවලට පෝෂ්‍ය පදාර්ථ උරා ගැනීමේ හැකියාව වැඩි කරනවා. කොළ පැහැ කෙසෙල්වල හා ඇපල්වල බඩවැල්වල ආස්තරණ සෛලවලට අවශ්‍ය මේද අම්ල අඩංගුයි. ආස්තරණ සෛල හොඳින් පවතින විට කැල්සියම් ඇතුළු වෙනත් පෝෂක උරා ගැනීමේ හැකියාව වැඩි වෙනවා.ඩයරියා වැනි රෝග පවතින විට කොළ කෙසෙල් වර්ග කෑමට දීමෙන් කුඩා දරුවන්ට පවා පෝෂණ ඌනතාවයක් ඇති වීම වළක්වන්න පුළුවන්.කෙසෙල්වල හෘද රෝග වළක්වන රසායන පමණක් නොව ඇතැම් පිළිකා වර්ග හා දියවැඩියාව වළකන රසායන අඩංගුයි. විශේෂයෙන් රන් පැහැ වෙන තරමට ඉදුණු කෙසෙල්වල එම ගුණය පවතිනවා
වකුගඩුවල නීරෝගීකම වැඩි කරයිදුම් බීම, අධික රුධිර පීඩනය, තරබාරුකම, ඇස්බැස්ටෝස්, කැඩ්මියම් වැනි විස වැනි රසායන වකුගඩු ආශ‍්‍රිත පිළිකා වර්ධනයට හේතු වෙන බව අප දන්නවා. පලතුරු කෑම වකුගඩු රෝගවලින් බේරී සිටීමට අත්‍යාවශ්‍යයි. පලතුරු අතරින් විශේෂයෙන්ම කෙසෙල් වකුගඩු නීරෝගීව පවත්වා ගෙන යාමට අවශ්‍ය බව සොයා ගෙන තිබෙනවා.මැලේසියාව නිජ බිම කර ගත් කෙසෙල් අද ලොව ජනප‍්‍රියම පලතුර වෙලා.කෙසෙල් ඉදෙන තුරු තැන්පත් කර තැබිය යුත්තේ කාමර උෂ්ණත්වයේයි. ඉදුණු කෙසෙල් ශීතකරණයෙහි තැබිය හැකි නමුත් කෙසෙල්වල නියම රස භුක්ති විඳීමට නම් සිසිල් ගතිය අඩුවෙන තුරු ස්වල්ප වේලාවක් තබන්න.කෙසෙල් ග‍්‍රෑම් සියයක අඩංගු පෝෂ්‍ය පදාර්ථ:* කාබෝහයිඩ්‍රේට් ග‍්‍රෑ. 22.84* සීනි ග‍්‍රෑ. 12 - 23* කෙඳි ග‍්‍රෑ. 2.6* මේදය ග‍්‍රෑ. 0.33* ප්‍රෝටීන ග‍්‍රෑ. 1.09තයමීන් (විටමින් ඕ1) මි. ග‍්‍රෑ. 0.031* රිබොෆ්ලෙවින් (විටමින් ඕ2) මි. ග‍්‍රෑ. 0.073* හියැසින් (විටමින් ඕ3) මි. ග‍්‍රෑ. 0.665* පැන්ටොතෙනික් අම්ලය (විටමින් ඕ5) මි. ග‍්‍රෑ. 0.334* විටමින් ඕ6 මි. ග‍්‍රෑ. 0.367* ෆෝලේට් (විටමින් ඕ9) ග‍්‍රෑ. 20 1/4* විටමින් සී මි. ග‍්‍රෑ. 8.7* කැල්සියම් මි. ග‍්‍රෑ. 5* යකඩ මි. ග‍්‍රෑ. 0.26* මැග්නීසියම් මි. ග‍්‍රෑ. 27* පොස්පරස් මි. ග‍්‍රෑ. 22* පොටෑසියම් මි. ග‍්‍රෑ. 358* සින්ක් මි. ග‍්‍රෑ. 0.15
|
Thursday, 2 July 2015
- Blogger Comments
- Facebook Comments
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment